E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1286/ 2025 - ගරු තිලංක යූ. ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1286/2025

      ගරු තිලංක යූ. ගමගේ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)       (i)       ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       එම එක් එක් රෝහලේ නම සහ ශ්‍රේණිගත කර ඇති රෝහල් කාණ්ඩය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) බද්දේගම දිස්ත්‍රික් රෝහලේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදු කර තිබේද;

      (iv) එම රෝහලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දත්ත හා තොරතුරු පද්ධතියක් තිබේද;

      (ii) එසේ නම්, එම මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු තිලංක යූ. ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks