E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1296/ 2025 - ගරු නිමල් පලිහේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1296/2025

      ගරු නිමල් පලිහේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       (i)       අනුරාධපුර, පහළ යාං ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

                  (ii)       එම ව්‍යාපෘතියට මුදල් වෙන් කරන ලද මූලාශ්‍රය කවරේද;

                 (iii)       වෙන් කරන ලද මුදල කොපමණද;

                 (iv)       ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ප්‍රදේශ කවරේද;

      (v) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබුවේද;

      (vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      (vii) ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන පවුල් සංඛ්‍යාව සහ ඔවුන්ට අයත් ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම පවුල් පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන තිබේද;

      (iii) එසේ නම්, එම ඉඩම් කවරේද;

      (iv) අවතැන්වන පවුල් ඉවත් කිරීමේ ක්‍රමවේදය කවරේද;

      (v) අවතැන්වූ එහෙත් මේ වනතෙක් වන්දි ලබා නොදුන් පවුල් සිටින්නේද;

       (vi) ඔවුන්ට වන්දි ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු නිමල් පලිහේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks