පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1322/2025
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, — අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් සංඛ්‍යාව එක් එක් විශ්වවිද්‍යාලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම සිසුන්ගේ ආබාධ වර්ග කවරේද;
(iii) එම එක් එක් ආබාධ වර්ගයට අදාළ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රජයේ විශ්වවිද්‍යාලවලට ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය කවරේද;
(ii) එම ක්‍රමවේදය යාවත්කාලීන සහ විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) රජයේ විශ්වවිද්‍යාල සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගැනීමේදී කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද;
(iv) ආබාධ සහිත සිසුන් සඳහා අන්තර්කරණීය අධ්‍යයන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේද;
(v) එසේ නම්, එය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය කවරේද;
යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අභිමත ඕනෑම විෂයධාරාවක් හැදෑරීමට විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන්ට අවකාශ තිබේද;
(ii) එම සිසුන් මේ වනවිට හදාරනු ලබන විෂයධාරාවන් කවරේද;
(iii) විවිධ විෂයධාරාවන් හැදෑරීමට ආබාධ සහිත සිසුන් යොමු නොවීමට හේතු කවරේද;
යන්න තවදුරටත් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks