පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1405/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේ සිට මේ දක්වා ත්‍රිකුණාමලය මහ රෝහල, මූතූර්, කින්නියා සහ කන්තලේ මූලික රෝහල් තුළ සිදුවූ මාසික දරු උපත් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම උපත් සංඛ්‍යාවට සාපේක්ෂව එම රෝහල්වල සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව, වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව සහ වෙනත් පහසුකම් සම්බන්ධයෙන් සමාලෝචනය කර එම රෝහල් සංවර්ධනය කිරීමට කටයුතු කර තිබේද;
(iii) ත්‍රිකුණාමලය රෝහලේ සිට මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රධාන රෝහල් වෙත යොමු කරනු ලබන රෝගීන් මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් දන්නේද;
(iv) එයට පිළියමක් ලෙස ත්‍රිකුණාමලය මහ රෝහල සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේද;
(v) ඉහත රෝහල් අතරින් මධ්‍යම රජය සහ පළාත් සභාව විසින් පාලනය කරනු ලබන රෝහල් වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) 2024 සහ 2025 වර්ෂයේ මේ දක්වා ඉහත එක් එක් රෝහලෙන් ප්‍රතිකාර ලැබූ නේවාසික සහ බාහිර රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks