E   |     |  

 දිනය: 2013-06-05   පිළිතුර ලබා දී ඇත 

2817/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2817/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       රුපියල් මිලියන 350ක වටිනාකමකින් යුත් බඩ ඉරිඟු තොගයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ බව 2012 මැයි මස 23 වැනි දින ප්‍රකාශ කළේද;

        (ii)  2012 මැයි මස සිට බඩ ඉරිඟු අපනයනය පිළිබඳ සංඛ්‍යා දත්ත මාසික පදනමින් කවරේද;

        (iii)  2011 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මුළු බඩ ඉරිඟු නිෂ්පාදනය වාර්ෂික පදනමින් කොපමණද;

        (iv)  බඩ ඉරිඟු නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැය කොපමණද;

        (v)  ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් බඩ ඉරිඟු වගා කරනු ලබන ප්‍රදේශ මොනවාද;

        (vi)  ශ්‍රී ලංකාව විසින් බඩ ඉරිඟු අපනයනය කරනු ලබන රටවල් කවරේද; 

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බඩ ඉරිඟු අපනයනය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks