E   |     |  

 දිනය: 2013-06-19   පිළිතුර ලබා දී ඇත 

2818/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2818/’12

      ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයට අදාළව,

                    (i)       මාසික සහ වාර්ෂික නඩත්තු පිරිවැය සහ පොලී පිරිවැය කොපමණද;

                  (ii)       ණය ගැනුම්වල ප්‍රාග්ධන පිරිවැය කොපමණද;

                 (iii)       අපේක්ෂිත මාසික ආදායම කොපමණද; 

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතියේ ණය ආපසු ගෙවීමේ කාල සීමාව කොපමණද;

        (ii)  මෙම කාල සීමාව සඳහා මුදල් හිඟය කොපමණද;

        (iii)  මෙම ව්‍යාපෘතියේ සියලු ණය හිමියන් සඳහා මේ වන විට මුදල් ගෙවනු ලබන්නේද; 

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය : අපේක්ෂිත ආදායම

පිළිතුරු දුන් දිනය

2014-01-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks