පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2887/’12
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අමාත්‍යවරුන් සහ ප්‍රධාන නිලධාරීන් එක්සත් රාජධානියේ, ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ සංචාරය කරන විට ඔවුන්ට එරෙහිව විරෝධතා රැසක් පවත්වා තිබේද;
(ii) එසේ නම්, එවැනි සිදුවීම් නැවැත්වීම සඳහා එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහකොමසාරිස් කාර්යාල භාවිතා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපොහොසත් වන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එවැනි අපහසුසහගත සිදුවීම් සම්බන්ධයෙන් එම රටවල් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබේද;
(ii) එසේ නම්, එය සිදුකරන ලද්දේ කවදාද; කොහිදීද; සහ කවුරුන් විසින්ද;
(iii) හටගත හැකි ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල විසින් සොයා බලා, එකී රටවල ඇතැම් ප්‍රදේශයන්හි නැගී එන විරෝධාකල්ප පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී ඇත්ද යන වගත්, එසේ වුණි නම් ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය විසින් මුහුණ දුන් අපහසු සහගත සිදුවීම් වළකා එවැනි තත්ත්වයන් නිවැරදි කරගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලිය යුතු නොවේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-20
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජනාධිපතිතුමාගේ සහ අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර: විරෝධතා
පිළිතුරු දුන් දිනය
2013-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks