පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3080/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සකස් කරමින් හෝ සකස් කර තිබේද;
(ii) ඒ තුළින් ආයුර්වේද වෛද්‍යවරුන් හෑල්ලුවට ලක් වන බවට චෝදනාවක් ඇති බව දන්නේද;
(iii) ආයුර්වේද වෛද්‍යවරයාගේ ගෞරවය රැකෙන ආකාරයට නව සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පාරම්පරික වෙද පරම්පරා රැක ගැනීමටයැයි පවසමින් සුදුසුකම් නොමැති පුද්ගලයන්ට පෞද්ගලික ආයතන හරහා දේශීය වෛද්‍ය ඩිප්ලෝමාවන් ලබා දෙන බව දන්නේද;
(ii) මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල උපාධි ලබාගන්නා ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට කරනු ලබන බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;
(iii) එම අසාධාරණය ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාව : නව සේවා ව්‍යවස්ථාව
පිළිතුරු දුන් දිනය
2013-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාලින්ද දිසානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks