E   |     |  

 දිනය: 2013-05-08   පිළිතුර ලබා දී ඇත 

3138/ 2013 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3138/’12

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       දැනට වරදකරුවන්ව බන්ධනාගාර ගතව සිටින තැනැත්තන්ට සහ මරණීය දණ්ඩනයට යටත්ව සිටින තැනැත්තන්ට සමාවදීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය සඳහන් ලිඛිත සංග්‍රහයක් තිබේද;

      (ii) එසේ නම්, එම ලිඛිත සංග්‍රහය ඉදිරිපත් කරන්නේද;

      (iii) ඉහත කාර්ය පටිපාටිය සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු විය යුතු බව පිළිගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) වරදකරුවන්වී බන්ධනාගාරගත වූ තැනැත්තන්ට සහ මරණීය දඩුවම නියමවූවන්ට සමාවදීමේදී අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් කෙරෙහි සැලකිල්ලක් දක්වා තිබේද;

      (ii) එසේ නම්, එම අවස්ථා කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)‍ නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-05-08

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බන්ධනාගාර ගතව සිටින තැනැත්තන්ට සමාව දීම: ලිඛිත සංග්‍රහය

පිළිතුරු දුන් දිනය

2013-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චන්ද්‍රසිරි ගජදීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks