E   |     |  

 දිනය: 2013-03-08   පිළිතුර ලබා දී ඇත 

3142/ 2013 - ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3142/’12

       

      ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර නගරයේ ආරම්භකර ඇති නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මාර්ග පුළුල් කිරීම සඳහා සින්නක්කර ඉඩම්වල පිහිටි සැළසුම් අනුමත කර ඉදිකළ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවත්;

      (ii) එම කටයුතු පූර්ව දැනුම්දීමකින් තොරව, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් සිදුකර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මාර්ගය පුළුල් කිරීම සඳහා නීතියට පටහැනිව කඩා බිඳ දමන ලද ගොඩනැගිලිවලට හා අත්පත් කරගෙන ඇති ඉඩම්වලට වන්දි ගෙවීමක් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-03-08

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

DEMOLISHED BUILDINGS AND AQUIRED LANDS : COMPENSATION

පිළිතුරු දුන් දිනය

2013-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks