E   |     |  

 දිනය: 2014-04-08   පිළිතුර ලබා දී ඇත 

3219/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3219/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහියංගනය, දඹාන ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසීන්, ඔවුන් පාරම්පරිකව වාසය කරනු ලබන ඉඩම්වල අයිතිය තමන් වෙත පැවරී තිබූ බවට ප්‍රකාශ කරන බවත්;

                  (ii)       එම ඉඩම් 1983 දී රජයට පවරා ගත් බවට ඔවුන් චෝදනා කරන බවත්;

        (iii)  කැලෑ ආශ්‍රිතව ප්‍රධාන ජීවනෝපායන්වල යෙදීමේදී තම ස්ථිර වාසභුමි ආශ්‍රිත කැලෑවලට ඇතුල්වීමට පනවා ඇති සීමා හේතුවෙන් ගැටලු රැසකට මුහුණපාන බවට ඔවුන් චෝදනා කරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  දැනට පවත්නා නීති රීති ලිහිල් කර ආදිවාසීන්ට කැලෑවට ගොස් ආහාර සපයා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඉඩකඩ සලසා දීමට කටයුතු කරන්නේද;

        (ii)  එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දඹාන ආදිවාසීන් : ඉඩම් අයිතිය

පිළිතුරු දුන් දිනය

2014-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks