E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

3293/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3293/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර පිළිබඳව සොයා බැලීම සඳහා 2008 ජුනි මාසයේදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාමර අංක 2/08 හිදී ඇමති අනුකමිටුවක් පිහිටුවනු ලැබූ බව එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  මේ වන විට එම අනුකමිටුව අහෝසි කර තිබේද;

        (ii)  එසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  (i)  ඉහත ඇමති අනුකමිටුවේ  කටයුතු පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ කුලිය, දුරකථන බිල්පත් සහ විදුලි බිල්පත් සඳහා වැය කරන ලද මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  ඉහත (i) හි සඳහන් වියදම්වලට අමතරව දරන ලද වෙනත් වියදම් සඳහා වැය වූ මුළු මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  (i)  එම වියදම් සිදුකරන ලද අමාත්‍යාංශ සහ ඊට අදාළ වැය ශීර්ෂයන් කවරේද;

        (ii)  ඉහත සඳහන් ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති නම්, එම ගෙවීම් සිදුකරන දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඉ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජනමාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර : අමාත්‍ය අනු කමිටුව

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks