E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3349/ 2013 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3349/’12

       

      ගරු පී. හැරිසන් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)         (i)      ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

      (iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

         (iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) උක්ත  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

        (ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

      (iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

      (iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

      (ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

      (iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමග අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

      (iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම් ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන : රජයේ වාහන

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු සරත් කුමාර ගුණරත්න මහතා, පා.ම., , පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks