E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3358/ 2013 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3358/’12

       

      ගරු පී. හැරිසන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)        (i)      ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට  අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

        (iii)  එම ආයතනවල රජයේ වාහන ලබා දී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

           (iv)  එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  උක්ත  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඇති කුලී පදනම මත ලබා ගත් වාහන සංඛ්‍යාව කොපමණද;

         (ii)  එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

        (iii)  එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

        (iv)  කුලී පදනම මත ලබා ගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  (i)  ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබා ගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

        (ii)  එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

        (iii)  අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

        (iv)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

       (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට අයත් ආයතන: වාහන

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks