E   |     |  

 දිනය: 2013-07-12   පිළිතුර ලබා දී ඇත 

3514/ 2013 - ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3514/’13

      ගරු වසන්ත අලුවිහාරේ මහතා,— සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)      මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් තිබ්බටුමුල්ල ග්‍රාමයේ සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)     සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවට අයත් ඉහත සඳහන් ඉඩමේ,

        (i)  සම්පූර්ණ භූමි ප්‍රමාණය;

        (ii)  වගා කර ඇති භූමි ප්‍රමාණය;

        (iii)  වගා කටයුතු සිදුකර නොමැති භූමි ප්‍රමාණය;

        (iv)  වගා කර ඇති සුළු අපනයන භෝගවලින් ලබන ආදායම හෝ පාඩුව;

        (v)  අනෙකුත් සම්පත්වලින් ලබන ආදායම හෝ පාඩුව;

        (vi)  සේවයේ නියුතුව සිටින සේවක සේවිකාවන් සංඛ්‍යාව;

        (vii)  සමස්ත වාර්ෂික ලාභය හෝ පාඩුව; 

      ‍කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  (i)  සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව සතු ඉහත සඳහන් ඉඩම මේ වන විට  යම් පිරිස් විසින් අත්පත් කරගෙන තිබේද;

        (ii)  එසේ අත්පත් කරගෙන තිබේ නම්, කවර පදනමක් යටතේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-12

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සුළු අපනයන ‍භෝග ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks