E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

3531/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3531/’13

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2012 වර්ෂයේදී උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් මේ වන විට සේවය ස්ථිර කර ඇති සංඛ්‍යාව කොපමණද;

        (ii)  එම සංඛ්‍යාව, එක් එක් අමාත්‍යාංශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  සේවය ස්ථිර කිරීම සඳහා ඉතිරිව සිටින සංඛ්‍යාව කොපමණද;

        (iv)  එම රැකියාලාභී උපාධිධාරීන්ගේ සේවය ස්ථිර කරන දිනය කවදාද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින්: සේවය ස්ථිර කිරීම

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks