පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3534/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වැවිලි මානව සංවර්ධන භාරයේ සභාපති, උප සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන්ගේ,
(i) නම්, උපන් දිනයන් සහ අධ්‍යාපන හා වෘත්තිය සුදුසුකම්;
(ii) වේතන හා දීමනාවල අගයන් සහ වෙනත් වරප්‍රසාද;
කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) වැවිලි මානව සංවර්ධන භාරයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරයාගේ වයස් මට්ටම සැලකීමේදී ඔහු එම ධූරයේ පිහිටුවීමට ආයතන සංග්‍රහයේ නීති රීතිවලට අනුව හැකියාවක් තිබේද;
(ii) එම තැනැත්තා රජයේ ආයතන දෙකක තනතුරු දරන බවට එම භාරයේ සේවකයින් චෝදනා කරන බව දන්නේද;
(iii) එසේ නම්, එම ආයතන දෙක කවරේද;
(iv) ඔහුට එම ආයතනවලින් මාසිකව ගෙවනු ලබන වැටුප්, වේතන, වෙනත් දීමනා සහ වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එම භාරයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයෙකු වන මර්වින් පෙරේරා නමැත්තා නියමිත වයස ඉක්මවා තිබියදීත් විශ්‍රාම නොයැවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
වැවිලි මානව සංවර්ධන භාරයේ නිලධාරින්: සුදුසුකම්
පිළිතුරු දුන් දිනය
2013-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආරුමුගන් තොණ්ඩමන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks