E   |     |  

 දිනය: 2014-11-12   පිළිතුර ලබා දී ඇත 

3554/ 2014 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3554/’13

       

      ගරු රවී කරුණානායක මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2010 වර්ෂයේ සිට මේ දක්වා,

                    (i)      ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පූර්ණ සංකලිත ටින් මාළු කර්මාන්තශාලා ගණන කොපමණද;

                   (ii)      එකී කර්මාන්තශාලා විසින් පූර්ණ ශ්‍රී ලාංකික සංකලිත ක්‍රියාවලියක් අනුගමනය කරනු ලබන්නේද; නැතහොත්, අපනයනය සඳහා පමණක් ටින් මාළු ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේද;

      (iii) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින එක් එක් ටින් මාළු කර්මාන්තශාලාවෙහි ආයෝජන වටිනාකම සහ රැකියා උත්පාදනය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එක් එක් කර්මාන්තශාලාව නිපදවනු ලබන ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) ශ්‍රී ලංකාවට ටින් මාළු ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-12

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks