E   |     |  

 දිනය: 2013-08-21   පිළිතුර ලබා දී ඇත 

3581/ 2013 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3581/’13

      ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)        (i)      ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවක සේවිකාවන්ගෙන්  මාසිකව අයකරනු ලබන එකී සංගමයේ සාමාජික මුදල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමහර සේවා ස්ථාන විසින් 2005 වර්ෂයේ සිට මේ දක්වා එම සංගම් මූලස්ථානය වෙත ලබා දී නොමැති බව දන්නේද;

      (ii) එම සාමාජික මුදල් ඇතුළුව ගෙවීමට ඇති සියලුම මුදල් ජාතික සේවක සංගමයට ලබාදීමට  කටයුතු කරන්නේද;

      (iii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-21

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික සේවක සංගමය : සාමාජික මුදල්

පිළිතුරු දුන් දිනය

2013-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks