E   |     |  

 දිනය: 2014-06-17   පිළිතුර ලබා දී ඇත 

3649/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3649/’13

      ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;

                   (ii)      2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩ කර ඇති  කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) එම අනවසර ගොඩ කිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;

      (iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

      (v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;

      (vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ  කුඹුරු ඉඩම් ගොඩ කිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;

      (ii) එසේ නම්,  ගොඩ කිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) එම කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-17

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉඩම් : අනවසර ගොඩ කිරීම්

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks