පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3739/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;
(ii) 2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම අනවසර ගොඩකිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;
(iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;
(vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;
(ii) එසේ නම්, ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු ඉඩම්: අනවසර ගොඩකිරීම්
පිළිතුරු දුන් දිනය
2016-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks