E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

3868/ 2013 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3868/’13

      ගරු කනක හේරත් මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      කප්රුක ආයෝජන ණය වැඩසටහන යටතේ ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතියේ ස්වභාවය කවරේද;

                  (ii)      පොල් කර්මාන්තයේ උන්නතිය උදෙසා කප්රුක ආයෝජන වැඩසටහනෙන්   සිදුවන දායකත්වය කවරේද;

      (iii) කප්රුක ආයෝජනය යටතේ ණය ලබාදීමක් සිදුවන්නේ නම්, එම ණය පියවා ගන්නා ආකාරය කවරේද;

      (iv) කප්රුක ආයෝජන වැඩසටහන යටතේ මේ වන විට ලබාදී ඇති ණය මුදල කොපමණද;

      (v) මේ වන විට එම වැඩසටහන ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්ක කවරේද;

      (vi) කප්රුක ආයෝජන ණය වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට ක්‍රියා කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කප්රුක ආයෝජන ණය වැඩසටහන : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-08-29

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks