පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4085/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලේවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයට (NILET) මීට මාස කිහිපයකට පෙර අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බව දන්නේද;
(ii) එම තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවේද;
(iii) එසේ නම්, අයදුම්පත් කැඳවනු ලැබූ දිනය කවරේද;
(iv) ලැබුණු මුළු අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;
(v) අදාළ තනතුර සඳහා අයදුම්පත් යොමු කළ අය අතරින් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබූ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබූ එක් එක් අයදුම්කරුගේ නම, ලිපිනය, වයස සහ අධ්‍යාපන හා වෙනත් විශේෂ සුදුසුකම් කවරේද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) වර්තමාන අධ්යක්ෂවරයාට වඩා ඉහළ සුදුසුකම් සහිත පුද්ගලයින් එම තනතුරට බඳවා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ බව දන්නේද;
(ii) ඉහළ සුදුසුකම් සහිත පුද්ගලයින් සිටියදී, අඩු සුදුසුකම් සහිත පුද්ගලයෙකු අධ්යක්ෂ තනතුරට පත්කිරීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-30
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2014-10-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පලනි දිගම්බරම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks