E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

4087/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4087/’13

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා කාර්යාලයක් පවත්වාගෙන යනු ලබන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)        (i)       එසේ නම්, එම කාර්යාලයේ සේවය කරනු ලබන කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ නම්, ලිපිනයන්, තනතුරු සහ ඔවුන්ගේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් කවරේද;

        (ii)  එම කාර්යාලය ආරම්භ කළ දින සිට මේ දක්වා එකී කාර්ය මණ්ඩලය සඳහා ගෙවන ලද දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ)  (i)  තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතියේ උපදේශක කාර්යයන් පවරා ඇති ආයතනයේ නම කවරේද;

        (ii)  එම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිගණක දෘඪාංග මිලදී ගැනීමට මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;

        (iii)  එම ව්‍යාපෘතියේ මෘදුකාංග සකස් කිරීමේ කටයුතු භාර දී ඇති ආයතනය කවරේද;

        (iv)  මේ දක්වා මෘදුකාංග සකස් කිරීම වෙනුවෙන් එම ආයතනයට ගෙවා ඇති මුළු මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා කාර්යාලය: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks