පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4094/’13
ගරු අනුර දිසානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂය තුළ දී සී/ස ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම විසින් කවර හෝ වර්ගයක ගුවන්යානා මිලදී ගෙන හෝ බදු පදනම මත ලබා ගෙන තිබේද;
(ii) එම ගුවන්යානා මිලදී ගැනීම් හෝ බදු ගැනීම් සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
(iii) මිලදී ගැනීම් හෝ බදු පදනම මත ලබා ගැනීම් සිදුකරනු ලැබූයේ ටෙන්ඩර් කැඳවීමකින් නම්, ඒ සඳහා ඉල්ලුම් කළ ආයතන හා මිල ගණන් කවරේද;
(iv) ඉල්ලුම් කළ ආයතන අතරින් තෝරා ගනු ලැබූ ආයතන කවරේද;
(v) එම ආයතන තෝරා ගැනීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ගුවන්යානා මිලදී ගැනීම හෝ බදු පදනම මත ලබා ගැනීම වෙනුවෙන් වැය වූ මුළු මුදල කොපමණද;
(ii) එම මුදල සපයා ගනු ලැබූ ආකාරය කවරේද;
(iii) එම මුදල් ණය මගින් සපයා ගනු ලැබුවේ නම්, එම ණය ප්‍රමාණයන්, පොලී අනුපාතයන් සහ ණය ආපසු ගෙවිය යුතු කාලය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-05
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2014-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks