E   |     |  

 දිනය: 2014-03-18   පිළිතුර ලබා දී ඇත 

4216/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4216/’13

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වර්ෂ 15ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවක පිරිසට ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් ලබාදීමට තීරණය කරනු ලැබුවේද;

      (ii) එවැනි ඉඩම් කච්චේරියක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවේ නම්, එම දිනය කවරේද;

      (iii) ඒ අනුව ඉදිරිපත්වී ඇති  අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

      (iv) දැනට ඉඩම්ලාභීන් තෝරාගෙන තිබේ නම්, ඔවුන්ගේ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ඉඩම්වලින් එම සේවකයින් සඳහා ඉඩම් ලබාදීමට තීරණය කර ඇති ප්‍රදේශ කවරේද;

      (ii) එම අධිකාරියේ සේවකයින්ගෙන් ඉඩම් ලබාදීම සඳහා කිසියම් මුදලක් අයකර තිබේද;

      (iii) එසේ නම්, එම ගාස්තු මුදල කොපමණද;

      (iv) එකී ගාස්තු මුදල් ගෙවූ අයගේ නම් කවරේද;

      (v) දැනට මුදල් කොටස් ගෙවා ඇති සේවකයින්ට ඉඩම් ලබාදෙන දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-18

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහවැලි අධිකාරියේ සේවකයන්ට ඉඩම් ලබා දීම : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks