E   |     |  

 දිනය: 2014-11-03   පිළිතුර ලබා දී ඇත 

4468/ 2014 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4468/’13

       

      ගරු අනුර දිසානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)   2010, 2011 හා 2012 යන වර්ෂවලදී එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Cranford Johnson Robinson Wood නමැති සමාගම සමග ගනුදෙනු කර තිබේද;

        (ii)  එසේ නම්, එම ගනුදෙනු සිදුවී ඇති දින වකවානු කවරේද;

        (iii)  එම ගනුදෙනු තුළින් ඉටු කර ගෙන ඇති කාර්යය හෝ කාර්යයන් කවරේද;

        (iv)  එමගින් ලැබී ඇති  ප්‍රයෝජන කවරේද;

        (v)  එම කටයුතු වෙනුවෙන් කරන ලද ගෙවීම්වල වටිනාකම කොපමණද;

        (vi)  ඒ සඳහා මුදල් වෙන් කරනු ලැබූ වැය ශීර්ෂය කවරේද;

        (vii)  එම සමාගම සමග ගිවිසුම්වලට එළැඹ ඇත්නම්, එම ගිවිසුම් සභාගත කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-03

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ CRANFORD JOHNSON ROBINSON WOODS සමාගම: ගනු දෙනු

පිළිතුරු දුන් දිනය

2015-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මංගල සමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks