පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4629/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර නව නගර සීමාව තුළ බලංගොඩ වැවිලි සමාගම යටතේ පවතින ඉඩම් යම් ප්‍රමාණයක්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් අඩු ආදායම්ලාභීන්ට සහ රාජ්‍ය සේවකයින්ට බෙදා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කර දී තිබේද;
(ii) එසේ නම්, එම මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) බෙදා දීමට නියමිත ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;
(iv) එසේ බෙදා වෙන් කිරීමට යෝජිත ඉඩම් පර්චසයක තක්සේරු වටිනාකම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ඉඩම් කොටස් බෙදා දීමට යෝජිත එක් එක් රාජ්‍ය සේවකයාගේ නම, ඔහු හෝ ඇය අවසාන වරට දරන ලද තනතුර සහ ලැබීමට නියමිත ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත ඉඩම්ලාභීන් අතර සිටින එක් එක් අඩු ආදායම්ලාභියාගේ නම, මාසික ආදායම සහ ලැබීමට නියමිත ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) යෝජිත ඉඩම්ලාභීන් විසින් මුදල් ගෙවීම් කර ඇත්නම්, එම මුදල් ගෙවූ ගිණුම සහ එම ගිණුමේ අංකය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-04
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
බලංගොඩ වැවිලි සමාගමේ ඉඩම් බෙදා දීම: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks