පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4675/’13
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගනු ලබන සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගනු ලබන HIV ආසාදිතයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සමාජීය ප්‍රශ්න නිසා HIV ආසාදිතයින් ප්‍රතිකාර ලබා නොගෙන සිටින බව දන්නේද;
(ii) එවැනි රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iv) HIV ආසාදිතයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඊට අදාළ පරීක්ෂාවන් කර ගැනීමට ස්ථාන තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල HIV ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන්නේද;
(ii) එසේ නම්, HIV ආසාදනය ව්‍යාප්තවීම අඩු කිරීමට එම රෝහල්වල ඇති පහසුකම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක්වන්නේද;
(iii) විදේශීය සංචාරකයින්ගෙන් HIV ආසාදනයවීම වළක්වාලීමට රජය ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-31
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks