පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4793/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයිනේ ලියාපදිංචි සමස්ත උපාධිධාරීන් අතරින් බාහිර උපාධිධාරීන් සංඛ්‍යාව හා අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වර්ෂයක් තුළ දී රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(iii) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දින සිට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම දක්වා ගත වන කාල සීමාව කොපමණද;
(iv) මේ වන විට එම කාල සීමාව වර්ෂයකට ද වැඩි කාල සීමාවක් බවට පත්වී ඇති බව දන්නේද;
(v) එම තත්ත්වයට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පසු ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-20
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා පර්යේෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම : කඩිනම් කිරීම
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks