E   |     |  

 දිනය: 2014-07-22   පිළිතුර ලබා දී ඇත 

4796/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4796/’14

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

        (අ)       (i)       2013 වර්ෂයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය මගින් ඉතාලියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කරනු ලැබුවේද;

        (ii)  එසේ නම්, යොමු කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව  කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  ඔවුන්ගේ නම් සහ ලිපිනයන් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ)  (i)  එම පිරිස තෝරා ගත් පදනම කවරේද;

        (ii)  එම පිරිස තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළකිරීම හෝ වෙනත් ප්‍රචාරණ විධි ක්‍රමයක් අනුගමනය කරනු ලැබුවේද;

        (iii)  එසේ නම්, ඒ කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-22

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks