බලන්න

E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

4821/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4821/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2017 වර්ෂයේ දී හම්බන්තොට දී පැවැත්වීමට යෝජිත කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙල (Junior Asian Games) වෙනුවෙන් සිදුකරන නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) එම ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ සඳහා ඇස්තමේන්තුගත සමස්ත වියදම කොපමණද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ඉහත (අ) (i) හි සඳහන් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා අයදුම් කළ ආයතනයන්හි නම්, ලිපිනයන් හා දුරකතන අංක වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ආයතන අතරින්  ඉදිකිරීම් කටයුතු සඳහා තෝරා ගත් ආයතනය කවරේද;

      (ii) එම ආයතනය තෝරා ගැනීමට හේතු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?  

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා: ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ වැඩ

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks