E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

4823/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4823/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ සුඛෝපභෝගී වාහන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා  යොදා ගන්නා බවත්;

      (ii) එම වාහන සඳහා ඉන්ධන රජයෙන් ලබා ගන්නා බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) කුලී පදනම මත ලබා ගත් සුඛෝපභෝගී වාහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකඟතාවය ලබා දී තිබේද;

      (ii) නොඑසේ නම්, එම වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

      (iii) එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නාවික හමුදාව කුලී පදනම මත ලබා ගත් වාහන: පෞද්ගලික පරිහරණය

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks