E   |     |  

 දිනය: 2015-04-07   පිළිතුර ලබා දී ඇත 

4826/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4826/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරි සඳහා කුලී පදනම මත වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන ලබා ගෙන තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)        (i)       එසේ නම්, ලබා ගෙන ඇති එම වාහන වර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

        (ii)  වායුසමනය කළ වාහනයක් සඳහා ගෙවන මාසික කුලිය එකී වාහන වර්ග අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සභාගත  කරන්නෙහිද?

      (ඇ)  (i)  සාමාන්‍ය ආරක්ෂක රාජකාරී සඳහා එම වාහන යොදා ගන්නේද;

        (ii)  නොඑසේ නම්, නිලධාරීන්ගේ ගමන් බිමන් සඳහා එම වාහන යොදා ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  (i)  ශ්‍රී ලංකා ගුවන් හමුදාව කුලී පදනම මත ලබා ගත්, වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන සඳහා මසකට ගෙවනු ලබන කුලිය;

        (ii)  2012 සහ 2013 වර්ෂයන්හි ඉහත වාහන සඳහා ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන්;

      කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?     

      (ඉ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුලී පදනම මත ලබා ගත් සුඛෝපභෝගී වාහන : ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පිළිතුරු දුන් දිනය

2015-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks