E   |     |  

 දිනය: 2014-10-24   පිළිතුර ලබා දී ඇත 

4856/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4856/’14

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන් කවරේද;

                   (ii)      මේ වන විට එම වැඩසටහන් යටතේ ගොඩ නගා, ජනතාවට ලබා දී ඇති නිවාස ව්‍යාපෘති කවරේද;

      (iii) එම නිවාස ව්‍යාපෘති යටතේ නිවාසලාභීන් තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) ඉහත සඳහන් නිවාස ව්‍යාපෘති යටතේ නිවාස ලබා දුන් අයගේ නාම ලේඛනයක් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) (i) මෑතක දී ජනතාවට පවරා දී  ඇති මාළිගාවත්ත නිවාස සංකීර්ණය එහි මුල් පදිංචිකරුවන්ට ලබාදීමට කටයුතු කර තිබේද;

      (ii) 2014 වර්ෂය සඳහා අමාත්‍යාංශයේ නිවාස වැඩසටහන්වල ඉලක්ක කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks