E   |     |  

 දිනය: 2014-09-12   පිළිතුර ලබා දී ඇත 

4944/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4944/’14

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      සම සෞඛ්‍ය හෙවත් හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා උපාධි පාඨමාලාව  සඳහා නියමිත වූ කාල සීමාව කවරේද;

                   (ii)      මේ වන විට එම උපාධි පාඨමාලාව හදාරනු ලබන මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන සිසුන් සංඛ්‍යාව  කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ලෙස සැලසුම් ඉදිරිපත් කොට විෂය නිර්දේශ සකස් කළ ඉහත සඳහන් උපාධි පාඨමාලාවේ කාල සීමාව මේ වන විට වසර තුනක් දක්වා අඩු කර තිබේද;

      (ii) එසේ නම්, සිව් අවුරුදු පාඨමාලාවක් ලෙස විෂය නිර්දේශ සකස් කළ එම උපාධි පාඨමාලාව වසර තුනකින් නිම කිරීමට හැකියාවක් තිබේද;

      (iii) එම උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාල සීමාව  අඩු කිරීම හේතුවෙන් එම සිසුන්ට අසාධාරණයක් සිදු වන්නේද;

      (iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-12

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks