පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0133/'10
ගරු ජානක බණ්ඩාර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ, මට්ටක්කුලිය, මෝදර ගබඩා සංකීර්ණයේ, අක්කර 7යි, රූට් 2යි, පර්චස් 5ක ප්‍රමාණය කේපෝර්ට් පුද්ගලික සමාගමට, මාසික කුලිය රු. 65317/- ක මුදලකට බදු දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) අදාළ ගිවිසුම සඳහා රජයේ තක්සේරුව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගෙන තිබේද;
(ii) අදාළ බදුකරු විසින් බදු ගිවිසුමට අනුව නීත්‍යානුකූලව කටයුතු කර තිබේද;
(iii) නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම්, නැවත එම අදාළ ගබඩාව ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ලබා ගැනීමට කටයුතු කරන්නේද;
(iv) මෙතෙක් එසේ නීත්‍යනුකූලව කටයුතු කර නොමැති නම්, ඒ පිළිබඳව වග කිවයුත්තන්ගේ නම් කවරේද;
(v) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-01
අසන ලද්දේ
ගරු ගරු ජානක බණ්ඩාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks