බලන්න

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

4987/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4987/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2013 වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීම සඳහා,

      (i)     ස්ථාපිත කළ මධ්‍යස්ථාන;

                  (ii)      එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන;

      (iii) සේවයේ යොදවාගත් ශාලාධිපතිවරු;

      (iv) යොදාගත් ගුරුවරු;

      (v) යොදා ගත් ශාලා කාර්ය සහායකයන්;

      සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) ඉහත (අ)(v)හි සඳහන් ශාලා කාර්ය සහායකයින්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) (i) ඉහත නම් සඳහන් ශාලා කාර්ය සහායකයින්ගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සේවක සංඛ්‍යාව සහ එම  ක්ෂේත්‍රයට අයත් නොවන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) උක්ත විභාගයේ කටයුතු සඳහා බාහිරව බඳවා ගත් ශාලා කාර්ය සහායකයින්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් ගෙවූ මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

       

      (ඈ) (i) අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතු සඳහා යොදා ගැනීම නිසා එම සේවකයන්ට දීමනාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වැළැක්වීමට පියවර ගන්නේද;

      (ii) එසේ නම්, ඒ කෙසේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

      (ඉ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2013 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks