පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4999/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිළිවෙළින් රු.15,000/=ක් සහ රු.5,000/= ක් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට රු. 3,000/=ක් ද වශයෙන් දිරි දීමනා ලබා දෙන බවට වූ 2014 අයවැය යෝජනාව මේ වන විට ඉටු කර තිබේද;
(ii) එසේ නම්, එම දීමනා ලබා දීම ආරම්භ කළ දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට යෝජනා කිරීමට හේතු කවරේද;
(ii) අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට තීරණය කිරීම නිසා ඉහත (i) හි සඳහන් නිලධාරීන්ගේ සේවය අවතක්සේරුවීමක් සිදුවී ඇති බව එතුමා පිළිගන්නේද;
(iii) එසේ නම්, ඔවුන්ගේ දිරි දීමනා ඉහළ දැමීමට කටයුතු කරන්නේද;
(iv) එම වැඩි කරනු ලබන ප්‍රමාණය කොපමණද;
(v) එම වැඩි කිරීම සිදු කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
2014 අය වැය යෝජනා : දිරි දීමනා
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. ,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks