E   |     |  

 දිනය: 2015-03-03   පිළිතුර ලබා දී ඇත 

5091/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5091/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       පසුගිය වර්ෂ 5 තුළ දී  ශ්‍රී ලංකා රජය විසින් පලස්තීන රජය වෙත යම් මූල්‍යමය ආධාර කිරීමක් හෝ ව්‍යාපෘති සඳහා ආධාර කිරීමක් සිදුකර තිබේද;

      (ii) එසේ නම්, එම ආධාරවල මූල්‍ය වටිනාකම කොපමණද;

      (iii) එම රට වෙත යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලබා දී තිබේ නම්, එම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ආකාරය කවරේද;

      (iv) එම මූල්‍ය ආධාර හෝ ව්‍යාපෘති ආධාර ලබා දීමේ අරමුණ කවරේද;

      (v) ශ්‍රී ලංකා රජය විශාල වි‍දේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබිය දී ඉහත පරිදි වෙනත් රටකට ආධාර ලබා දීම නිශ්ඵල ක්‍රියා මාර්ගයක් නොවන්නේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-03

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පලස්තීන රජයට මූල්‍යමය ආධාර: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks