බලන්න

E   |     |  

 දිනය: 2015-03-03   පිළිතුර ලබා දී ඇත 

5114/ 2015 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5114/’14

       

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)        (i)       2014 වර්ෂයේ අයවැය යෝජනාවලට ඇතුළත් වූ  කාන්තාවන් සඳහා පොලී රහිත ණය ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබේද;

                  (ii)       එසේ නම්, එම යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනය කවරේද;

      (iii) එම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැකි ආකාරය කවරේද;

      (iv) ණය ලබා ගැනීම සඳහා කාන්තාවන් විසින් සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කවරේද;

      (v) ඒ සඳහා ඇපකරුවන් හෝ ඇපකරයන් අවශ්‍ය වේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

      (ආ) දැනට එම පොලී රහිත ණය මුදල් ලබා දී ඇති කාන්තාවන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?       

      (ඇ) ඉහත සඳහන් ණය යෝජනා ක්‍රමය මේ වන විට ක්‍රියාත්මක නොවන්නේ නම්, එයට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-03

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාන්තාවන් සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රමය : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks