E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5118/ 2015 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5118/’14

       

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කුකුලේගඟ විදුලි බලාගාරයෙහි තිබෙන විදුලි උත්පාදන යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;   

                  (ii)      එම එක් එක් යන්ත්‍රයෙහි විදුලි උත්පාදන ධාරිතාව කොපමණද;

      යන්න එතුමා ‍සඳහන් කරන්නෙහිද?      

      (ආ) (i) 2013 වර්ෂය මුළුල්ලේ ඉහත සඳහන් සියලු විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මකව පැවතියේද;

      (ii) නොඑසේ නම්, අක්‍රියව පැවති යන්ත්‍ර සංඛ්‍යාව  කොපමණද;

      (iii) එම එක් එක් යන්ත්‍රය අක්‍රියව තිබූ කාලය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම විදුලි උත්පාදන යන්ත්‍ර අක්‍රියවීමට හේතු කවරේද;

      (v) අනාගතයේදී එම බලාගාරයේ යන්ත්‍ර අක්‍රිය නොවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුකුලේගඟ විදුලි බලාගාරය : අක්‍රිය විදුලි උත්පාදන යන්ත්‍ර

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks