E   |     |  

 දිනය: 2014-11-04   පිළිතුර ලබා දී ඇත 

5145/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5145/’14

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       සිය ජීවිකාව වශයෙන් රන් හා රිදී ආභරණ සැකසීමේ කර්මාන්තයෙහි නිරතවන පිරිස් සිටින ප්‍රදේශ  හෝ ගම්මාන හඳුනාගෙන තිබේද;

        (ii)  එසේ නම්, ඒවා කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)   (i)  ඉහත සඳහන් පිරිසට සිය කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා ලබා දෙන ආධාර සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසටහන් කවරේද;

        (ii)  එම කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය (රන්, රිදී, මැණික් සහ වටිනා ගල් වර්ග ආදිය) ලබා ගැනීමට පහසුකම් සලසා තිබේද;

        (iii)  එසේ නම්, එම පහසුකම් කවරේද;

        (iv)  ඉහත කර්මාන්තකරුවන් වෙත නිෂ්පාදන ඇනවුම් ලබා දීමේ යම් වැඩ සටහනක් තිබේද;

        (v)  දේශීය කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා අලෙවිය සඳහා වූ ලක්සල වැනි ආයතනවලට රන් / රිදී ආභරණ සැපයුම් කරනු ලබන ක්‍රමවේදය කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-04

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks