E   |     |  

 දිනය: 2014-11-04   පිළිතුර ලබා දී ඇත 

5148/ 2014 - ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5148/’14

       

      ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා වර්ෂයකට ඇතුළත් කර ගනු ලබන ගුරු අභ්‍යාසලාභී ශිෂ්‍ය සංඛ්‍යාව ආසන්න වශයෙන් ‍කොපමණද;

                  (ii)       වර්ෂ 2009 සිට 2013 දක්වා එක් එක් වර්ෂයේදී අධ්‍යාපන විද්‍යා පීඨවල  එක් ගුරු අභ්‍යාසලාභියෙකු වෙනුවෙන් ලබා දුන් මාසික දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

       

        (iii)  2009 නොවැම්බර් මස 10 වැනි දින කහවත්ත, රුවන්පුර අධ්‍යාපන            විද්‍යා පීඨයට පැමිණි ජනාධිපතිවරයා විසින් ඉහත දීමනාව රුපියල් පන්දහසක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවට එම සිසුන් ඉදිරියේ  ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බව දන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශයට අනුව අවම වශයෙන් ඉදිරි මාසයේ සිට හෝ ගුරු අභ්‍යාසලාභීන්ට ලබා දෙන දීමනාව රුපියල් පන්දහසක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-04

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks