E   |     |  

 දිනය: 2014-11-11   පිළිතුර ලබා දී ඇත 

5149/ 2014 - ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5149/’14

       

      ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඹහින්න, කුඹල්ගම, මුත්තෙට්ටුවෙගම, දියවර ගම්මානය සහ කිංචිගුණේ යන ගම්මානවල පදිංචි ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටින  බව එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් ප්‍රදේශවල ජනතාව මුහුණදෙන පානීය ජල ගැටලුව විසඳීම සඳහා රජය මගින් ගෙන ඇති පියවර කවරේද;

      (ii) එම ගැටලුව විසඳීම සඳහා දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් වී නොමැති බව පිළිගන්නේද;

      (iii) එසේ නම්, එම ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-11

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks