E   |     |  

 දිනය: 2014-11-01   පිළිතුර ලබා දී ඇත 

5181/ 2014 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. .

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      වර්ෂ 2009 සිට 2014 දක්වා කාල සීමාව තුළ දී,

                    (i)      ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් අනුග්‍රාහක දැන්වීම්, සුබ පැතුම් පුවරු සහ ප්‍රචාරක පුවරු සවිකිරීම වෙනුවෙන් වැය කළ මුදල;

      (ii) එකී ආයතනයන්හි අරමුණු ඉටු කර ගැනීම‍ වෙනුවෙන් සවිකරන ලද පුවරු සඳහා වැය කළ මුදල;

      (iii) එකී ආයතනයන්හි අරමුණුවලට පරිබාහිර අරමුණු වෙනුවෙන් සවිකරන ලද පුවරු සඳහා වැය කළ මුදල;

      වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත ආයතනයන්හි අරමුණුවලට පරිබාහිර අරමුණු වෙනුවෙන් සවිකරන ලද ප්‍රචාරක පුවරු මගින් ප්‍රචාරය කරන ලද කරුණු කවරේද;

      (ii) එම පුවරු සවිකිරීම සඳහා අනුමතිය ලබා දුන් අය කවුරුන්ද;

      (iii) ඒ සඳහා වූ වියදම ප්‍රතිපූරණය කර ගත් ආකාරය කවරේද;

      (iv) එකී පුවරු සඳහා කරන ලද ගෙවීම්වලට අදාළ ‍ලේඛන ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-01

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය : පුවරු සඳහා වැය කිරීම්

පිළිතුරු දුන් දිනය

2015-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks