E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5225/ 2015 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5225/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මහා මාර්ග සංවර්ධනය සඳහා දේශීය බැංකු මගින් මුදල් ලබා දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)        (i)      එසේ නම්, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා දී ඇති දේශීය බැංකු  කවරේද;

      (ii) එම එක් එක් බැංකුව  මගින් ලබා දී ඇති මුදල් ප්‍රමාණය සහ මුදල් ලබා දී ඇති මහා මාර්ග ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) ලබා දුන් මුදල් නැවත බැංකු වෙත ලබා ගැනීමේ ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාර්ග සංවර්ධන ව්‍යාපෘති : දේශීය බැංකුවලින් ලබා දුන් මුදල්

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks