පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5265/’14
ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බැංකු සහකාර (ලිපිකරු) ශ්‍රේණියට සේවකයින් බඳවා ගැනීම පිණිස 2014 මැයි මස 31, ජූනි මස 01 සහ ජූනි මස 07 සහ 08 යන සති අන්තවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේද;
(ii) එසේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ නම්, ඒ සඳහා ගැසට් මගින් හෝ පුවත්පත් මගින් දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවීමක් සිදු කළේද;
(iii) එලෙස විවෘත අයදුම්පත් කැඳවීමක් සිදු නොකළේ නම්, සම්මුඛ පරීක්ෂණයට කැඳවීම පිණිස අපේක්ෂකයින් තෝරා ගත් ක්‍රමවේදය කවරේද;
(iv) එම පිරිස ඌව පළාත් සභා මැතිවරණයට පෙර බඳවා ගැනීමට සැලසුමක් තිබුනේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-06
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
බැංකු සහකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ: ක්‍රමවේදය
පිළිතුරු දුන් දිනය
2015-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks