E   |     |  

 දිනය: 2015-04-08   පිළිතුර ලබා දී ඇත 

5448/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5448/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2009 සිට 2013 දක්වා පස් වසරක කාල සීමාව තුළ  ජාතික ලොතරැයි මණ්ඩලය විසින් උපයන ලද ලාභය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)      ජාතික ලොතරැයි මණ්ඩලය මගින් පවත්වාගෙන යන ලොතරැයි වර්ග කවරේද;

      (ii) පසුගිය වාර‍යේ දිනුම් අදින ලද මෙගා ලොතරැයිය පිළිබඳව ප්‍රචාරය කළ පරිදි, පළමු දිනුමට රුපියල් කෝටි 5කුත්, සෙසු තෑගි ලෙස ජීප් රථ 40කුත් දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රාහකයන්ට ලබා දුන්නේද;

      (iii) මේ වන විට සෙසු එක් එක් ලොතරැයිය දිනුම් ඇද ප්‍රකාශයට පත් කරන දිනුම් සංඛ්‍යාව හා ප්‍රදානය කරන ලද ත්‍යාග මුදල අඩු කර තිබේද;

      (iv) එසේ අඩු කර ඇත්නම්, එහි  සංඛ්‍යාත්මක අගය  කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-08

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික ලොතරැයි මණ්ඩලය : උපයන ලද ලාභය

පිළිතුරු දුන් දිනය

2015-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks