බලන්න

E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5690/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5690/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2013 වර්ෂයේ සිට 2014 අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ පැල්වත්ත හා  සෙවණගල සීනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුළු එතනෝල් ප්‍රමාණය වෙන් වෙන්  වශයෙන් කොපමණද;

      (ii) එම එතනෝල් ප්‍රමාණයෙන් මත්පැන් නිෂ්පාදනයට හා සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදාගත් ප්‍රමාණයන් එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන වෙනුවෙන් ලීටරයකට අය කරනු ලබන බදු ප්‍රමාණයන් කොපමණද;

      (iv) එම ‍එතනෝල් ලබා ගත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම්වල නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම් : එතනෝල් නිෂ්පාදනය

පිළිතුරු දුන් දිනය

2013-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks